Wednesday, May 8, 2024

General line - 0115112241

මම ඔබේ සේවකයා වෙන්නම් - භූමිකම්පාවෙන් යටව සිටි දැරිය ගේ හද කම්පාවන ඉල්ලීම (VIDEO)




දකුණු දිග තුර්කියට බලපෑ මැග්නිටියුඩ් 7.8ක ප්‍රබල භූමිකම්පාවෙන් විපතට පත්වූ පුද්ගලයින් සහ කුඩා දරුවන්ගේ කඩා වැටුණු ගොඩනැගිලිවල සුන්බුන් අතර සිරවී සිටින ජායාරූප මෙන්ම වීඩියෝ පට මේ වන විට මාධ්‍ය හරහා මෙන්ම සමාජ මාධ්‍ය තුල හුවමාරු වෙමින් තිබෙනවා.

එලෙස හුවමාරු වන වීඩියෝ සහ ජායාරූප අතර ලොවපුරා ජනතාවගේ අවදානය දිනා ගත් කුඩා දරුවන් දෙදෙනෙකු කොන්ක්‍රීට් තට්ටු අතර සිරවී සිටින ආකාරය සෑම දෙනෙකුගේම නෙත් කඳුලෙන් තෙත් කිරීමට සමත් වුවා.

උතුරු සිරියාවේ කඩා වැටුණු ගොඩනැගිලි අතර කොන්ක්‍රීට් අතර සිරවී සිටි එම ළමුන් දෙදෙනා පසුගිය සඳුදා ඇති වූ භූමිකම්පාවෙන් පැය 36 කට වැඩි කාලයකට පසු බේරා ගැනීමට සහන සේවකයින් සමත්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

සිරියාවේ හරාම් හි කුඩා ගම්මානයක් වන බෙස්නායා-බ්සයිනේ හි සුන්බුන් අතර සිරවී සිටි එම දරුවන් දෙදෙනාගෙන් වැඩිමහල් දරුවා සහන සේවකයින් ගෙන් කළ ඉල්ලීම වවුයේ තමන්ව ගලවා ගන්නා ලෙසයි. 

 “මාව මෙතැනින් ඉවත් කරන්න, මම ඔබ වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්නම්, මම ඔබේ සේවකයා වෙන්නම්” වැඩිහිටි දරුවා ගලවා තමන් ගලවා ගන්නට පැමිණි සහන සේවකයා වෙත කෙඳිරි ගාමින් පවසන ආකාරය එම වීඩියෝවේ දැක්වෙනවා.

මෙලෙස ඉල්ලීම සිදුකළ දැරියගේ නම මාරියම් වන අතර ඇය සිය බාල සහෝදරයාගේ හිස පිරිමදිමින් ඔහුව සනසන ආකාරය ද එම වීඩියෝවේ දැක්වෙන්නේ.

මේ අතර භූමිකම්පාවෙන් කඩා වැටුණු ගොඩනැගිල්ලක සිටි තවත් පුද්ගලයෙකු පැය 48කට පසුව බේරා ගැනීමට සහන සේවකයින් සමත්ව තිබුණා. සහන සේවකයින් සඳහන් කලේ එම පුද්ගලයා ගේ අසල සිටි ඔහුගේ බිරිඳ ජිවිතක්ෂයට පත්ව තිබු බවයි.

තුර්කියේ Hatay හි ඉස්කෙන්ඩරුන් දිස්ත්‍රික්කයේ ජීවත් වන තරුණ සිරියානු පිරිමි ළමයෙක් කඩා වැටුණු ගොඩනැගිල්ලක් තුළ සිට තමා සිරවී සිටින අයුරු රූගත කොට සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණා.

'මම ජීවත් වෙයිද මැරෙයිද දන්නේ නැහැ. සුන්බුන් යට යමෙකු මේ හරහා යන හැඟීම විස්තර කරන්නේ කෙසේදැයි මම නොදනිමි, ”තරුණ පිරිමි ළමයා එම වීඩියෝවේ සඳහන් කර සිටියි. 

'ඔබට පෙනෙන පරිදි මම සිටින්නේ සුන්බුන් යටය. පවුල් දෙක හතරකට වැඩියි අපේ අසල්වැසියොයි ඉන්නවා. එය විස්තර කරන්නේ කෙසේදැයි මම දන්නේ නැහැ. මිත්‍රවරුනි, අපි භූමිකම්පාවට හසුවෙලා."  ඔහු සිය වීඩියෝවෙන් සිය නිවසේ ලිපිනය ලබාදීමට කටයුතු කර තිබෙනවා.