Friday, May 10, 2024

General line - 0115112241

බදු බරට එරෙහි විරෝධතාවලින් කොළඹ උණුසුම් වෙයි




ආණ්ඩුව අසාධාරණ බදු ප්‍රතිපත්තිය අකුලා නොගන්නේ නම් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසනවා.

“ජන පීඩක බදු සංශෝධනය හකුලා ගනු” යන මැයෙන් කොළඹ හයිඩ් පිටියේ  අද පැවති විරෝධතා රැළියට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව වරාය, ඛණිජ තෙල්, ජල, විදුලි ඇතුලු වෘත්තිය සමිති රැසක් ද කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිපිටදී අද දහවල් උද්ඝෝෂණයක නිරත වුණා.

ඛණිජ තෙල් පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් අශෝක රන්වල එහිදී කියා සිටියේ ආණ්ඩුව නව බදු සංශෝධන හකුලා නොගන්නේ නම් උසස් පෙළ විභාගය අවසන් වන පෙබරවාරි 17 වනදායින් පසු දැවැන්ත වැඩ වර්ජනයකට යොමුවන බවයි.