Wednesday, May 8, 2024

General line - 0115112241

විපතට පත් වැසියන්ට තුර්කි ජනපතිගෙන් පොරොන්දුවක්




තුර්කියේ ගිනිකොනදිග ප්‍රදේශයට බලපෑ ප්‍රභල භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් ගණන 11,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. විපතට පත්වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක අතර එම මෙහෙයුම් සඳහා එක්ව සිටින මුදාගැනීමේ කණ්ඩායම් විසින් පුද්ගලයින් 6,000 කගේ පමණ දිවි ගලවාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පැය 50 ක පමණ කාලයක් සුන්බුන් අතර සිරවී සිටි තුර්කියේ කුඩා දරුවෙකු බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත් වුණේ බොහෝ දෙනෙකු මවිත කරමින්. පැය 40 ක පමණ කාලයක් සුන්බුන් අතර සිරවී සිරියානු දරුවෙකුද මුදා ගැනීමේ කණ්ඩායම් විසින්

බේරාගෙන තිබෙනවා. පැය 40 ක පමණ කාලයක් කඩා වැටුණු ගොඩනැගිල්ලක් අතර සිරවී සිටි තුර්කියේ තවත් පිරිමි පුද්ගලයෙකුද සහන කණ්ඩායම් විසින් මුදාගෙන තිබෙනවා. කෙසේවෙතත් ඔහු සමඟ සිටි ඔහුගේ බිරිඳ ඒ වන විට මියගොස් සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ අතර තුර්කි ජනාධිපති රිසෙප් තායිප් අර්ගෝඩන් අද ප්‍රධානතම භූ කම්පනයේ අපිකේන්ද්‍රයවූ කහරමන්මරාෂ් නගරයට පැමිනියා. විපතට පත්වූවන්ගේ ඥාතීන් සමඟ දුක බෙදාගත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ විනාශවූ එම නගරය වසරක් ඇතුලත නැවත ගොඩනගන බවයි.