Wednesday, May 8, 2024

General line - 0115112241

යුක්‍රේන ජනපති චාර්ල්ස් රජු හමුවෙයි




යුක්‍රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි බ්‍රිතාන්‍යයට පැමිණ තිබෙනවා. රුසියාව - යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු යුක්‍රේන ජනාධිපතිවරයා සිය මව්බිමෙන් පිටව ගිය දෙවන අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

රුසියානු ආක්‍රමණයට එරෙහි ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම ඔහුගේ හදිසි සංචාරයේ අරමුණ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

යුක්‍රේන ජනාධිපතිවරයා වෙස්මිනිස්ටර් ශාලාවේදී බ්‍රිතාන්‍යයය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අමතා තිබෙනවා. එහිදී ඔහු පවසා ඇත්තේ ත්‍රස්තවාදයට අනුබල දෙන ඕනෑම අයෙකු එහි වගකීමද භාරගත යුතු බවයි. රුසියාවට එරෙහි යුද්ධයේදී බි්‍රතාන්‍ය සිය රටට ලබාදුන් සහය වෙනුවෙන් ස්තූතිවන්ත වන බවද යුක්‍රේන ජනාධිපතිවරයා එහිදී පවසා තිබෙවනවා.

මේ අතර යුක්‍රේන ජනාධිපතිවරයා මීට නොබෝ වේලාවකට පෙර බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු හමුවූ බවද නවතම මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.