Sunday, May 5, 2024

General line - 0115112241

තුර්කියේ ඛේදවාචකය - මුළු පාසල් වොලිබෝල් කණ්ඩායමම අතුරුදන් වෙයි




දකුණු දිග තුර්කියට බලපෑ භූමිකම්පාවෙන් 30 දෙනෙකුගෙන් සමන්විත පාසැල් වොලිබෝල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ඔවුන් ගේ පුහුණුකරුවන් පිරිසක් අතුරුදන්ව ඇති බව වාර්තා වනවා.

සයිප්‍රසයේ සිට තුර්කී පාලනය යටතේ ඇති අඩියාමන් ප්‍රදේශයේ පිහිටි හෝටලයක නවාතැන් ගෙන සිටි මෙම වොලිබෝල් කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ඔවුන්ගේ පුහුණුකරුවන් ගැන මැග්නිටියුඩ් 7.8 ක ප්‍රබල භූමිකම්පාවෙන් පසු කිසිදු තොරතුරක් වාර්තා නොවන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

භූමිකම්පාවෙන් පසු අඩියාමන් ප්‍රදේශයේ තට්ටු නිවාස සංකීර්ණ ඇතුළු ගොඩනැගිලි රැසක් සම්පුර්ණයෙන් විනාශ වී ඇති බව සඳහන්.

තුර්කිය විසින් සිය පාලනයට නතුකර ගෙන ඇති සයිප්‍රසයේ Famagusta ප්‍රදේශයේ බාලක බාලිකා පාසැල් දෙකක දරු දැරියන් මෙම ඛෙදවාචකයට මුහුණ පා ඇති බව සඳහන්.

අතුරුදන්ව ඇති මෙම දරු දැරියන් සොයා ඔවුන්ගේ දෙමව්පියන් ඇතුළු සහන සේවකයින් කණ්ඩායමක් දකුණු දිග තුර්කිය බලා පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.