Sunday, May 5, 2024

General line - 0115112241

භූමිකම්පාවෙන් තනිවූ බිලිඳුන් වෙනුවෙන් තුර්කිය කිරි මව්වරුන් සොයයි (PHOTOS)




දහස් ගණනකගේ ජීවිත බිලිගත් දකුණු දිග තුර්කියේ ඇති වූ භූමිකම්පාවෙන් පසු සුන්බුන් අතර සිරව සිටියදී සහන සේවකයින් විසින් දිවි බේරා ගනු ලැබූ බිළිඳුන් පිරිසක් නිරුපද්‍රිතව එරට අගනුවර කරා යැවීමට සහන සේවකයින් පියවර ගෙන තිබෙනවා.

තුර්කියේ ඇති වූ රික්ටර් මාපකයේ 7.8 සහ 7.5 ක ප්‍රබල කම්පනයෙන් පසුව කහරමන්මාරස් සිට අන්කාරා දක්වා ළදරුවන් 16 දෙනෙකු රැගෙන යාමට තුර්කි ජනාධිපති Recep Tayyip Erdogan ගේ ගුවන් යානය භාවිතා කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ

වෛද්‍ය කණ්ඩායම් රැගෙන යාම සහ රටේ ප්‍රදේශවලට ආධාර ඇතුළු භූමිකම්පා ආශ්‍රිත සහන සේවා ක්‍රියාකාරකම් සඳහා භාවිතා කිරීම සඳහා තුර්කි ජනාධිපතිවරයාගේ නිල ගුවන් යානය සූදානම් කර ඇත.

බරපතල තුවාල ලැබූ පුද්ගලයින් ප්‍රතිකාර සඳහා තුර්කි අගනුවර වූ අන්කාරා වෙත ප්‍රවාහනය කිරීමට ද එය භාවිතා කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කලේ.

ගුවන් යානයේ සිටි ළදරුවන් 16 දෙනාම භූමිකම්පාවෙන් හානියට පත්වූ ප්‍රදේශවල කඩා වැටුණු සුන්බුන් අතර සිටියදී තනිවම සොයාගෙන ඇත. සහන සේවකයින් සඳහන් කලේ එම ළඳරුවන් ගේ මව්පියන් භූමිකම්පාවෙන් මියයන්නට ඇතිබවයි.

අන්කාරා හි පිහිටි Esenboğa ගුවන් තොටුපළට රැගෙන එන ලද මෙම බිලිඳුන් ව රෝහල් කරා යොමු කිරීමට පියවර ගනු ලැබූ අතර තුර්කි පවුල් හා සමාජ සේවා අමාත්‍යාංශයේ මැදිහත්ව ඔවුන්ට කිරි මවුවරුන් සොයා දීමට ද පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.