Sunday, May 5, 2024

General line - 0115112241

තුර්කි භූමිකම්පාවේ අලුත්ම දත්ත ලෝකයම කම්පා කරයි




තුර්කි භූමි කම්පාවෙන් ජීවිත අහිමි වූ සංඛ්‍යාව 15,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඉන් පුද්ගලයින් 12,391 දෙනෙකුම ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තුර්කිය තුළදීයි. සිරියාවට සිදු වූ බලපෑමෙන් මිය ගොස් ඇති සංඛ්‍යාව 2,992ක්. 

සහන කණ්ඩායම් විසින් තව දුරටත් සහන මෙහෙයුම් සිදු කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එහිදී වැඩි අවධානයක් යොමු කර ඇත්තේ භූ කම්පනයෙන් බරපතල ලෙස හානි සිදුව ඇති ප්‍රදේශ වෙතයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තුවලට අනුව පුද්ගලයින් මිලියන 23කට ආසන්න පිරිසකට භූකම්පනය හේතුවෙන් බලපෑම් එල්ල වී තිබෙනවා. 

තුර්කියේ පළමු භූ කම්පනය ඉකුත් සඳුදා හටගත් අතර එහි ප්‍රබලත්වය රික්ටර් පරිමාණ ඒකක 7යි දශම 8ක්. පැය 9කට පසු, පසු කම්පනයක් සිදු වූ අතර එහි ප්‍රභලත්වය රික්ටර් පරිමාණ ඒකක 7යි දශම 5ක්.

1939 වසරෙන් තුර්කියට බලපෑ ප්‍රබලතම භූ කම්පනය මෙයයි. එහිදී පුද්ගලයින් 30,000කට අධික පිරිසක් මිය ගිය අතර, 1999 ඇති වූ භූකම්පනයෙන් පුද්ගලයින් 17,000කට අධික පිරිසක් මිය ගියා.