Tuesday, May 7, 2024

General line - 0115112241

මීලඟ ගෝලීය වසංගතය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි 




මානව කුරුළු උණ වසංගතයක් සඳහා ලෝකය සූදානම් විය යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා සිටිනවා. කුරුල්ලන්ගෙන් සිට ක්ෂීරපායින් දක්වා වෛරසය ව්‍යාප්ත වීම මෙයට ප්‍රධාන හේතුව බවයි එම සංවිධානය සඳහන් කළේ.

H5N1 ප්‍රභේදයේ අවස්ථා දැනටමත් ඔටර්ස්, මින්ක් සහ හිවලුන් තුළ වාර්තා වී ඇති අතර, වෛරසය මිනිසුන් තුළට ව්‍යාප්ත වීමේ එක් පියවරක් සමීප වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර සිටියේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom Ghebreyesus ක්ෂීරපායීන්ගේ ආසාදන සමීපව නිරීක්ෂණය කරන ලෙස ගෝලීය ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේ.

වෛරසය මිනිසුන්ට පැනීමේ අවදානම තවමත් අඩු බවත්, නමුත් එය එසේ පවතිනු ඇතැයි අපට උපකල්පනය කළ නොහැකි බවත් පවතින තත්වයේ ඕනෑම වෙනසක් සඳහා අප සූදානම් විය යුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ප්‍රකාශ කළේ.

කුරුළු උණ වෛරසය ක්ෂීරපායින් වෙත පැතිර ඇති බව බ්‍රිතාන්‍යය පසුගියදා වාර්තා කර තිබු අතර පසුගිය මාසයේ වයඹ දිග ස්පාඤ්ඤයේ මින්ක් සත්වයින් අතර ද කුරුළු උණ වෛරසයේ ව්‍යාප්ත වීමක් වාර්තා වී තිබෙනවා.

H5N1 වෛරසය මීට පෙර මිනිසුන් තුළ හඳුනාගෙන තිබෙන නමුත් අවස්ථා වරින් වර සහ ආසාදිත මිය ගිය හෝ සජීවී පක්ෂීන් සමඟ සමීප සම්බන්ධතා පවතින බව සඳහන්.

වෛරසය මිනිසුන්ට හෝ වෙනත් ක්ෂීරපායීන්ට පහසුවෙන් ආසාදනය නොවන බවයි විද්‍යාඥයින් පවසන්නේ.

කෙසේ නමුත් ක්ෂීරපායීන්ගේ ආසාදන පිළිබඳ වාර්තා මගින් රෝග කාරකයට වෛරසය මිනිසුන්ට ව්‍යාප්ත කිරීම පහසු කළ හැකි ප්‍රභේදයන් නිර්මාණය වීමේ හැකියාවක් පවතින බවින් එය වැඩි අවදානයක් යොමු කිරීමට සිදුවන කරුණක් බවයි විද්‍යාඥයින් අනතුරු අඟවා සිටින්නේ.

කුරුළු උණ පැතිරීම පාලනය කරන තුරු ගෝලීය අවදානමක් ඇති කරන බවට ප්‍රමුඛ විශේෂඥයින් මීට පෙර අනතුරු අඟවනු ලැබිය.

අමෙරිකා එක්සත් ජනපදයේ මේ වසරේ කුරුළු උණ රෝගයේ විශාල ව්‍යාප්තියකට මුහුණ දුන් අතර එරටේ සෑම ප්‍රාන්තයකම පාහේ කුකුළුන් මිලියන 58 කට වැඩි ප්‍රමාණයක් සහ කැළබද පක්ෂීන් 6,100 කට වැඩි ප්‍රමාණයක් වෛරසයට ගොදුරුවිය.

දශක ගනනාවක් තිස්සේ විද්‍යාඥයින් අනතුරු අඟවා ඇත්තේ මීළඟ ගෝලීය වසංගතය ව්‍යාප්ත වීමට බොහෝ විට කුරුළු උණ හේතුවක් වනු ඇති බවයි.