Tuesday, May 7, 2024

General line - 0115112241

අත්‍යවශ්‍ය භාණ්ඩ හතරක මිල අඩුවෙයි




ලංකා සතොස යලිත් වරක් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ හතරක  මිල ගණන් අඩු කර තිබෙනවා.

මෙම මිල අඩු කිරීම අද සිට සියලුම සතොස අලෙවිසැල් වල ක්‍රියාත්මක වන බවයි එම ආයතනය සඳහන් කළේ.

ඒ අනුව වාටානා පරිප්පු 1kgක නව මිල රුපියල් 305.00 ක් වන අතර රුපියල් 10.00ක ඉතිරියක්. 

රතු කැකුළු සහල් 1kgක නව මිල රුපියල් 164.00 ක්.    රුපියල් 05.00 ඉතිරියක්. ආනයනික සුදු කැකුළු 1kg ක නව මිල රුපියල් 179.00ක් වන අතර එය රුපියල් 05.00 ඉතිරියක්. සුදු නාඩු (දේශීය) 1kg ක නව මිල රුපියල් 180.00 ක් වන අතර එය රුපියල් 04.00 ඉතිරියක්.

පාරිභෝගිකයින්ට සහන සැලසීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති  බවයි ලංකා සතොස නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.