Wednesday, May 8, 2024

General line - 0115112241

තලංගම කෝටිපතියාගේ මරණය ගැන තහවුරු කිරීමක්

බිමල් ශ්‍යාමන්




බත්තරමුල්ල පැලවත්ත සුඛෝපභෝගී තෙමහල් නිවසකදී පසුගියදා ඝාතනයට ලක්ව ඇත්තේ කෝටිපති ව්‍යාපාරික රොෂාන් වන්නිනායක බවට තහවුරු වූ බව පොලිසිය පවසනවා.

ඒ, ඔහුගේ මවගේ රුධිර සාම්පල සමඟ සසඳා සිදුකළ විද්‍යාත්මක පරීක්ෂාවේදීයි. අදාළ වාර්තාව කඩුවෙල අධිකරණ වෙත ඉදිරිපත් කර අධිකරණයෙන් ලබා දෙන නියෝග මත ව්‍යාපාරිකයාගේ මළ සිරුර ඥාතීන්ට භාර දීමට කටයුතු කරන බවයි  කොළඹ අපරාධ කොට්ඨාසය පැවසුවේ. 

පසුගිය ජනවාරි 30 වෙනි දින සිට අතුරුදන්ව සිටි ව්‍යාපාරිකයාගේ මළ සිරුර පසුගිය දෙවනදා සොයා ගැනුනේ ඔහුට අයත් සුඛෝපභෝගී තෙමහල් නිවසේ ඉහළ මහලේ නාන තටාකයේ පාවෙමින් තිබියදීයි. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු යුවල ලබන 15 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි කඩුවෙල අධිකරණය පසුගියදා නියෝග කළේ.

සැකකරු විසින් අදාළ ව්‍යාපාරිකයා ඝාතනය කර ඇත්තේ රුපියල් ලක්ෂයක මුදලක් ලබා නොදීම හේතුවෙන් බවයි අනාවරණය වී ඇත්තේ.

ඝාතනය සඳහා යොදාගත් පොලු මුගුර හා නිවස  තුළ තිබී සොයාගත් පාවිච්චි කරනලද උපත් පාලන කොපුව විද්‍යාත්මක සාක්ෂි සොයා ගැනීම සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට නියමිතයි.