Wednesday, May 8, 2024

General line - 0115112241

බැලුම්ගල යළි සම්මානයෙන් පිදුම් ලබයි




නෙත් එෆ් එම් බැලුම්ගල යළිත් සම්මානයෙන් පිදුම් ලැබුවා. ඒ, 2023 සුමති සම්මාන උළෙලේදීයි. එහිදී  හොඳම සමාජ මාධ්‍ය කාන්තා වැඩසටහනට හිමි සම්මානය බැලුම්ගල දිනා ගත්තා.

ආබාධිත තත්ත්වයෙන් පසුවන යුවතියක් සිය ආබාධිත තත්ත්වය නොසලකා සිදු කළ සමාජ මෙහෙවර පිළිබඳ එම වැඩසටහනෙන් පෙන්වා දුන්නා. 

එම වැඩසටහන නිශ්පාදනය කළේ නෙත් එෆ් එම් බැලුම්ගල චිරාන් ජීවන්ත ධර්මසේනයි. සුමති සම්මාන උළෙල බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී අද රාත්‍රියේ පැවැත්වුණා.