Monday, May 6, 2024

General line - 0115112241

කාන්තා ලෝක කුසලාන T20 තරගාවලිය අද ඇරඹේ




කාන්තාවන් ක්‍රිකට් ක්‍රීඩාවට එක්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ වෙනදාට වඩා වැඩි උනන්දුවක් ඇතැයි ශ්‍රී ලංකා පන්දුවාර 20 කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පවසනවා.

ඇය පෙන්වා දෙන්නේ ඔවුන්ට අවශ්‍ය වන්නේ දෙමාපියන්ගේ සහ පවුලේ අයගේ උපකාරය පමණක් බවයි. අලුත් පරම්පරාව වෙනස්වී ඇති බවත්, එය ශ්‍රී ලංකා අනාගත ක්‍රිකට් සඳහා ඉවහල්වනු ඇති බවත් චමරි අතපත්තු පවසනවා. ශ්‍රී ලංකා නායිකාව මෙම අදහස් පළ කළේ අද ආරම්භ වන පන්දුවාර විස්සයි 20 කාන්තා ලෝක කුසලානය අතරතුර සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

කාන්තා ලෝක කුසලානය ආරම්භ කරමින් පළමු තරඟය සත්කාරක දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙනවා. තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10 යි 30 ට ආරම්භ වීමට නියමිතයි.