Tuesday, May 7, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා කාන්තා පිල ලකුණු 03ක තියුණු ජයක් වාර්තා කරයි




පන්දුවාර 20යි 20 කාන්තා ලෝක කුසලනා ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය ලකුණු 3කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වී තිබෙනවා. ශ්‍රී ලංකාව සහ සත්කාරක දකුණු අප්‍රිකාව අතර එම තරඟය පැවැත්වුණා.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 129ක් රැස් කළා. නායක චමරි අතපත්තු ලකුණු 68යි. පන්දු 50කට මුහුණ දුන් ඇය සිය ඉනිම තුළදී  4රේ පහර 12ක් එල්ල කළා. විශ්මි ගුණරත්න ලකුණු 35යි. 

ජයග්‍රාහී ලකුණු 130ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි සත්කාරක දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 9ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 126ක් පමණයි. පන්දු යැවීමේදී ඉනෝකා රණවීර කඩුලු 3ක් මෙන්ම සුගන්ධිකා කුමාරි සහ ඕෂධී රණසිංහ කඩුලු 2 බැඟින් දවා ගත්තා.

පන්දුවාර 20යි 20 කාන්තා ලෝක කුසලනා ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව තරඟ වදින්නේ ් කාණ්ඩයෙන්. එම කාණ්ඩයට ඔස්ටේ්‍රලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශයද ඇතුළත්. තරඟාවලිය පෙබරවාරි මස 26වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. 

මෙවර දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන්නේ කාන්තා ලෝක කුසලාන තරඟාවලි ඉතිහාසයේ 8වන අදියරයයි.