Tuesday, May 7, 2024

General line - 0115112241

ඉන්දීය පිලේ පළමු ඉනිම ලකුණු 400කට සීමා වෙයි 




සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 400ක් රැස් කළා.

නායක රෝහිත් ෂර්මා ලකුණු 120යි. අක්සාර් පටෙල් අද දිනයේ දැවී ගියේ ලකුණු 84ක් රැස් කර සිටියදීයි. රවේන්ද්‍ර ජඩේජා ලකුණු 70යි. පන්දු යැවීමේදී ටොඩ් මර්ෆි කඩුලු 7ක් බිඳ හෙලුවා. 

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 177ක් පමණයි. ඒ අනුව ඉන්දීය කණ්ඩායම ලකුණු 223ක් ඉදිරියෙන් පසු වනවා. 

නාග්පූර් හිදී දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ 3න්වන දිනය අදයි.