Tuesday, May 7, 2024

General line - 0115112241

කාන්තා IPL වෙන්දේසියේදී ඉන්දීය ක්‍රීඩිකාවකට රුපියල් කෝටි 3.4ක වටිනාකමක්




ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කාන්තා අදියර වන වුමන්ස් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩිකාවන්ගේ වෙන්දේසිය අද පැවැත්වුණා.

එම වෙන්දේසියේදී පළමුව අළෙවි වූ ක්‍රීඩිකාව බවට පත් වුණේ ඉන්දීය  කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩිකාවක් වන ස්මි්‍රති මන්දනායි. රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි තුනයි දශම 4 ක මුදලකට මන්දනාව මිලදී ගනු ලැබුවා.

මෙම වෙන්දේසිය සදහා ඉදිරිපත් කර තිබූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු කිසිදු කණ්ඩායමක් විසින් මිලදී ගැනීමට ඉදිරිපත් වුණේ නැහැ.

ඉන්දියානු රුපියල් ලක්‍ෂ 30ක මුදලක් ඇයට එම වෙන්දේසියේදී මූලික ලංසුව ලෙස ඉදිරිපත්ව තිබුණා. කෙසේවෙතත් දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්ව සිටින චමරි අතපත්තු එහිදි කැපී පෙනෙන දක්‍ෂතා දැක්වීමට සමත් වි සිටිනවා.