Saturday, May 11, 2024

General line - 0115112241

ඉන්දීය විදේශ අමාත්‍යවරයා සහ ජර්මනියේ ආරක්ෂක උපදේශක අතර හමුවක්




ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර්, ජර්මනියේ විදේශ සහ ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ උපදේශක Jens Plotner හමුවුණා. ඒ, ඉන්දියාවේ නවදිල්ලි නුවරදීයි.

එහිදී දෙපාර්ශවය අතර පවතින උපායමාර්ගික සබඳතා වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇතැයි ඉන්දීය විදේශ මාධ්‍ය වාර්තා කළා.

ඊට අමතරව යුරෝපා සහ ආසියානු පැසිෆික් කලාපයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සහබව  ජර්මනියේ විදේශ සහ ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ උපදේශක Jens Plotner අතර සාකච්ඡා පැවැති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ජර්මනිය යනු අංශ කිහිපයක් ඔස්සේ ඉන්දියාව සමග සමීප සබඳතා පවත්වන යුරෝපානු රාජ්‍යක්.

ඔවුන් වසරකට ඉන්දියාව සමග යුරෝ බිලියන 1.3 ක සංවර්ධන ව්‍යාපෘති සිදුකරනු ලබනවා.

ඉන් සියයට 90 ක ප්‍රතිශතයක් කාලගුණ විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීමට,ස්වභාවික සම්පත් ආරක්ෂා කිරීමට හා පිරිසිදු හා හරිත බලශක්තිය ප්‍රවර්ධනය සඳහා දායක වෙයි.