Sunday, May 12, 2024

General line - 0115112241

පකිස්තානය ඖෂධ මිළ ඉහළ දැමීමේ සූදානමක




ඖෂධ මිල ඉහළ දැමීම සඳහා පකිස්තානයේ ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය එරට රජයෙන් අවසර ඉල්ලා තිබෙනවා. ඒ, රුපියලේ අගය අවප්‍රමාණය වීම හා  අමුද්‍රව්‍ය වල පිරිවැය ඉහළ යාම හේතුවෙන්.

රට තුළ අඛණ්ඩ ඖෂධ සැපයුම පවත්වාගෙන යාම, ඖෂධ නිෂ්පාදන කිරීම සඳහා අමුද්‍රව්‍ය මත රඳා පවතින බවයි.

තමන් මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාට සහ සෞඛ්‍ය අමාත්‍යවරයාට ද ලිඛිතව දැනුම් දී ඇති බවයි පකිස්තානයේ ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය පැවසුවේ.

අදාළ ලිපිය යොමු කිරීමෙන් අනතුරුව ඖෂධ මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් සඳහා බලධාරීන් ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමයට ආරාධනා කර ඇති බව ද් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ අනුව ඉදිරි දින කිහිපයේදී පකිස්තානයේ ඖෂධ මිළ ඉහළ දැමීම සම්බන්ධයෙන් තීරණයකට එළඹෙනු ඇති.