Monday, May 6, 2024

General line - 0115112241

චාමික යලි දස්කම් අතරට




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න යළි පිතිකරුවෙකු ලෙස දස්කම් අතරට පැමිණ තිබෙනවා. ඒ, එංගලන්ත ලයන්ස් කණ්ඩායම සහ ශ්‍රී ලංකා A කණ්ඩායම අතර පැවති පළමු නිල නොවන එක්දින තරඟයේදීයි. 

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 45 යි එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 230 ක් පමණයි. නායක සදීර සමරවික්‍රම ලකුණු 74 ක් සහ සහන් ආරච්චිගේ ලකුණු 57 ක් රැස්කිරීමට සමත් වුණා. චාමික කරුණාරත්න හයේ පහර දෙකක් සහ හතරේ පහර පහක් සමඟ පන්දු 48 කදී ලකුණු 52 ක් රැස් කළා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලනත් ලයන්ස් කණ්ඩායම පන්දුවාර 40 යි පන්දු දෙකක් අවසානයේ කඩුලු 6 ක් පමණක් දැවී සිට ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.