Saturday, May 18, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා පිල සහ ඔස්ට්‍රේලියාව අතර තරගය අදයි




පන්දුවාර විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන තවත් තරඟයක් අද පැවැත්වෙනවා. ඒ, ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟයි.

මෙම කණ්ඩායම් දෙකම තමන් සහභාගිවූ පළමු තරඟ දෙකම ජයගෙන ප්‍රසාද ලකුණු 4 බැඟින් ලබාගෙන සිටිනවා. පළමු කාණ්ඩයෙන් තරඟවදින රටවල් අතර ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින්නේ ඔස්ට්‍රේලියාවයි. ශ්‍රී ලංකාව දෙවන ස්ථානයේ පසුවනවා. 

තරඟාවලියේ මීට පෙර පැවති තරඟවලදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම විසින් දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය පරාජය කරනු ලැබුවා. අද තරඟයෙන් ශ්‍රී ලංකාව ප්‍රභල ඔස්ටේ්‍රලියාව පරාජය කළහොත් සෘජුවම අවසන් පූර්ව වටයට සුදුසකම් ලැබීමට හැකිවනු ඇති.