Saturday, May 18, 2024

General line - 0115112241

කාන්තා T20 ලෝක කුසලානයේ තීරණාත්මක තරගයක් අද 




පන්දුවාර 20යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තීරණාත්මක තරඟයක් අද පැවැත්වෙනවා. ඒ, නවසීලන්තය සහ බංග්ලාදේශය අතරයි. මෙම තරඟයේ තීරණය ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලානයේ ඉදිරි ගමනටද බලපෑම් කරනු ඇති. 

යම් හෙයකින් අද තරඟය නවසීලන්තය ජයගෙන ශ්‍රී ලංකාවට එරෙහි තරඟයද ජය ගතහොත් ශ්‍රී ලංකා - නවසීලන්ත ප්‍රසාද ලකුණු සමාන වනවා. එමෙන්ම, හෙට පැවැත්වෙන ඕස්ට්‍රේලියාවට එරෙහි තරඟයෙන් දකුණු අප්‍රිකාව ජය ගතහොත් ඔවුන්ගේ ප්‍රසාද ලකුණු ද ශ්‍රී ලංකා - නවසීලන්ත ප්‍රසාද ලකුණු හා සමාන වනවා.

ඒ අනුව, පළමු කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන කණ්ඩායම තෝරා ගැනීමට සිදු වන්නේ මූලික වටය අවසන් වන විට ශ්‍රී ලංකාව, නවසීලන්තය සහ දකණු අප්‍රිකාව ලබා ගෙන සිටින දළ ලකුණු වේගය මතයි.