Saturday, May 18, 2024

General line - 0115112241

ආබාධ සඟවන්න ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් එන්නත් ගන්නා බවට ආන්දෝලනාත්මක අනාවරණයක්




ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළ ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටු සභාපති චේතන් ශර්මා සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. මෙම ප්‍රකාශය සිදු කළ ඔහු හිටපු ඉන්දීය සුපිරි ක්‍රීඩකයෙකුද වනවා. 

ක්‍රිකට් ක්‍රීඩකයින් සම්බන්ධයෙන් ඉන්දිය රූපවාහිනි නාලිකාවක මාධ්‍යවේදියෙකු සමඟ අදහස් හුවමාරු කර ගන්නා අතරතුර අදාළ මාධ්‍යවේදියා එම සාකච්ඡාව රහසිගතව පටිගත කර තිබුණා.

පසුව එය සමාජ මාධ්‍ය ඔස්සේ පළ වීමත් සමඟයි ඒ පිළීබඳ දැඩි ආන්දෝලනයක් මතු වුණේ. ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටු සභාපති චේතන් ශර්මා, අදාළ මාධ්‍යවේදියා සමඟ පවසන්නේ ඇතැම් ක්‍රීඩකයින් ආබාධ වලින් පසු ඉක්මනින් සුවය ලැබීම සඳහා එන්නත් ගන්නා බවයි. ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාවය නොගැළපෙන අවස්ථාවලදී පවා ඔවුන් ක්‍රීඩා කරන බව ඔහුගේ අනාවරණයේ ඇතුළත්. 

හිටපු නායක විරාත් කෝලි හා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සෞරව් ගංගුලි අතර මත ගැටුමක් පවතින බවත් කෝලි තමා පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සිදු කරන බවත් ඉන්දීය තේරීම් කමිටු සභාපතිවරයා මෙහිදී හෙළි කර තිබෙනවා. 2020 වසරේ දෙසැම්බර් මාසයේ සිට මෙම තනතුරේ කටයුතු කරන චේතන් ශර්මා අදාළ වීඩියෝව නිකුත් වීමත් සමඟ සිය ධූරයෙන් ඉල්ලා අස් වී ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.