Saturday, May 18, 2024

General line - 0115112241

බංග්ලාදේශ පිල පරදා නවසීලන්තයට ලකුණු 71ක ජයක්




පන්දුවාර 20යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවති තරඟය ලකුණු 71කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 189ක්. එහෙත් ජයග්‍රාහී ලකුණු 190ක ඉලක්කයක් හඹාය යාමට පිටියට පිවිසි බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 118ක් පමණයි. 

මේ අතර ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තරඟයද යම් හෙයකින් නවසීලන්තය ජය ගතහොත් ශ්‍රී ලංකා - නවසීලන්ත ප්‍රසාද ලකුණු සමාන වනවා. එමෙන්ම, අද පැවැත්වෙන ඔස්ටේ්‍රලියාවට එරෙහි තරඟයෙන් දකුණු අප්‍රිකාව ජය ගතහොත් ඔවුන්ගේ ප්‍රසාද ලකුණු ද ශ්‍රී ලංකා - නවසීලන්ත ප්‍රසාද ලකුණු හා සමාන වනවා.

ඒ අනුව, පළමු කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන කණ්ඩායම තෝරා ගැනීමට සිදු වන්නේ මූලික වටය අවසන් වන විට ශ්‍රී ලංකාව, නවසීලන්තය සහ දකණු අප්‍රිකාව ලබා ගෙන සිටින දළ ලකුණු වේගය මතයි.