Saturday, May 18, 2024

General line - 0115112241

රග්බි ලෝක කුසලානය මහජන ප්‍රදර්ශනයට දිවයිනට

ටී කේ ජී කපිල




ප්‍රංශයේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන රග්බි තරගාවලියේ කුසලානය අද දිවයිනට රැගෙන එනු ලැබුවා. නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ රග්බි ලෝක කුසලානය ප්‍රංශයේ පැරිස් නුවර සිට දිවයිනට රැගෙන ආ බවයි.

රග්බි ලෝක කුසලානය භාරව සහ එහි ආරක්ෂාව සඳහා ප්‍රංශයේ සිට විශේෂ නිලධාරියෙකුද පැමිණ තිබෙනවා. දිවයිනට රැගෙන ආ එම කුසලානය ලබන 23වනදා දක්වා මහජන ප්‍රදර්ශනයට තැබෙනවා. 

හිටපු මහ බැංකු අධිපති , ශ්‍රී ලංකා කණ්ඩායමේ  පළමු රග්බි ක්‍රීඩා නායක වූ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ඇතුළු පිරිසක් දිවයිනට රැගෙන ආ එම කුසලානය පිළිගැනීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි බවද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා. 
2023 රග්බි ලෝක කුසලාන තරඟාවලිය සැප්තැම්බර් 8 සිට ඔක්තොම්බර් 28 දක්වා ප්‍රංශයේ පැවැත්වීමට නියමිතයි.