Thursday, April 25, 2024

General line - 0115112241

කාන්තා T20 ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට ඕස්ට්‍රේලියාව සුදුසුකම් ලබයි 




කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා. ඒ ඊයේ රාත්‍රී දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සමග පැවති තරඟයෙන් කඩුළු 6ක ජයක් හිමිකර ගනිමින්. 

කාසියේ වාසිය හිමිකරගත් ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දු  රැකීමටයි. ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 124 ක් රැස් කළා. 

ලකුණු 125 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය  ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර දාසයයි පන්දු 3ක් අවසානයේ කඩුලූ 4ක් පමණක් දැවී සිය ජයග්‍රහණය හිමිකරගත්තා. ඒ අනුව පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ  පලමු වටයේ ක්‍රීඩාකළ තරඟ හතරම ජයගනිමින් පලමු කාණ්ඩයේ පෙරමුණ ගනිමින් ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබා ගත්තා.

මේ අතර ශ්‍රී ලංකා කාන්තා  කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන  පළමු වටයේ  තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 10:30 ට ආරම්භ වීමට නියමිතයි.පළමු වරට පවත්වනු ලබන කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දකුණු අප්‍රිකාවේ දී පැවැත්වෙනවා.