Friday, March 29, 2024

General line - 0115112241

කාන්තා 20 යි 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවේ ඉරණම විසඳෙන තරගයක් අද




පන්දුවාර 20 යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට තීරණාත්මක තරගයක් අද පැවැත්වෙනවා. ඒ, නවසීලන්ත කණ්ඩායම සමගයි. මෙම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 10 යි 30 ට ආරම්භවීමට නියමිතයි.  

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩයේ දෙවන ස්ථානයේ ශ්‍රී ලංකා කණ්ඩායම මේවනවිට පසුවනවා. ඒ, තරග 03 කට ක්‍රීඩා කර ඉන් තරග 02 ක් ජය ගනිමින්. නවසීලන්තය පසුවන්නේ පළමු කාණ්ඩයේ සිව්වන ස්ථානයේයි. ඒ, තරග 03 ක් ක්‍රිඩා කර ඉන් එක් තරගයක් පමණක් ජය ගනිමින්.

කෙසේවෙතත් අද පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත හොත් ඔවුන් අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබනවා. තරග 04 කට ක්‍රීඩා කර එම තරග 04 ම ජය ගනිමින් ඔස්ටේ්‍රලියානු කණ්ඩායම පළමු කාණ්ඩයේ පෙරමුණ ගනිමින් මේවනවිටත් අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබා අවසන්. 

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පන්දුවාර 20 යි 20 තරග 09 ක් පවත්වා ඇති අතර එම තරග 09 ම ජය ගෙන ඇත්තේ නවසීලන්තයයි.