පන්දුවාර විස්සයි විස්ස කාන්තා ක්රිකට් ලෝක කුසලානය පිළිබද බලාපොරොත්තු ශ්රී ලංකා ක්රීඩිකාවන්ගෙන් ඊයේ රාත්රියේ ගිලිහී ගියා. ඒ, නවසීලන්තය සමග පැවති තීරණාත්මක තරගයෙන් ලකුණු 102ක පරාජයක් ලැබීම හේතුවෙන්.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කාන්තා ක්රීකට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 3 ක් දැවී ලකුණු 162 ක් රැස් කිරීමට සමත් වුණා. අමේලියා ක(ර්) පන්දු 48කදී ලකුණු 68 ක් රැස් කළා. සුසී බේට්ස් පන්දු 49කදි ලකුණු 56 යි.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ ශ්රි ලංකා කණ්ඩායමට පන්දුවාර 15 යි පන්දු 5කදී සියළු දෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 60 ක් පමණයි. නායක චමරි අතපත්තු පන්දු 21 කදි ලකුණු 19 ක් රැස් කළා.
මල්ෂා ෂෙහානි ලකුණු 10 යි. නවසීලන්ත ක්රීඩිකාවන්ගේ පන්දු යැවීම හමුවේ සෙසු ශ්රී ලංකා පිතිකාරිණියන්ට ලකුණු 10 සීමාව පසුකර යාමට හැකියාවක් ලැබුණේ නැහැ. මෙම තරගාවලියේ ශ්රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු තරග දෙකම ජයගත් අතර අවසන් තරග දෙකේදී පරාජයට පත් වුණා.