Friday, April 26, 2024

General line - 0115112241

වනිදු හසරංග යළි ලොව අංක එකේ T20 පන්දු යවන්නා වෙයි




පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරඟවල ලොව හොඳම පන්දු යවන්නා බවට ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග පත්ව තිබෙනවා. ඔහුට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 695 ක්. වනිඳු යළි අංක එකේ T20 පන්දු යවන්නා බවට පත්ව ඇත්තේ මෙතෙක් අංක එකේ ස්ථානයේ සිටි ඇෆ්ගනිස්තානයේ රෂීඩ් ඛාන් දෙවන ස්ථානයට පත්වීමත් සමඟයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමඟ ඉකුත්දා පැවති පන්දුවාර 20 තරඟ තුනේදී රෂීඩ් ඛාන් දවාගෙන ඇත්තේ කඬුලු 4 ක් පමණයි. ඒ අනුවයි ඔහු දෙවන ස්ථානයට පත්ව ඇත්තේ. රෂීඩ් ඛාන් සහ වනිඳු හසරංග අතර ඇත්තේ එක් ලකුණක පරතරයක් පමණයි.

වෙනත් කිසිදු ශ්‍රී ලංකික පන්දු යවන්නේකු ලොව හොඳම T20 පන්දුයවන්නන්ගේ ලැයිස්තුවේ පළමු ස්ථාන 10 අතරට පැමිණ නැහැ. මහීෂ් තීක්ෂණ ද සිටින්නේ 11 වන ස්ථානයේයි.

මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍ය නියෝජනය කරන ක්‍රීඩකයෙකු ලොව හොඳම T20 පිතිකරුවන්ගේ ලැයිස්තුවේ පළමු ස්ථාන 10 අතරට පැමිණ තිබෙනවා.

මෙම දස්කම දක්වා ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මොහොමඩ් වසීම්. ඔහු නවතම පිතිකරු ශ්‍රේණිගත කිරීමේ පසුවන්නේ 07 වන ස්ථානයේයි.