Friday, March 29, 2024

General line - 0115112241

2023 ගුවන් හමුදා පාපාදි සවාරිය සඳහා සියලු කටයුතු සුදානම්




ලබන සතියේ පැවැත්වීමට නියමිත 2023 ගුවන් හමුදා පාපාදි සවාරිය සඳහා මේ වන විට සියලු කටයුතු සංවිධාන කර ඇතැයි ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සංචිතයේ ලේකම් ගෲප් කැප්ටන් රංග පෙරේරා පවසනවා. ඔහු සඳහන් කළේ වෘත්තිය මට්ටමේ ක්‍රීඩකයින් පමණක් මෙවර පාපැදි සවාරියට එක්වන බවයි.

ගුවන් හමුදා පාපැදි සවාරියේ ගමන් මාර්ගය සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ වුණා.

මෙවර ගුවන් හමුදා පාපැදි සවාරිය ආරම්භ වන්නේ මාර්තු මස 02 වනදායි. එය මාර්තු මස 04 වනදා අවසන් වන්නේ අනුරාධපුරයෙන්. ගුවන් හමුදා පාපැදි සවාරියේ කාන්තා තරඟය මාර්තු 04 වනදා හබරණ ප්‍රදේශයෙන් ආරම්භ වී අනුරාධපුරයෙන් අවසන් වනවා.

2023 ගුවන් හමුදා පාපාදි සවාරිය සඳහා නිල රේඩියෝ මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.