Thursday, April 25, 2024

General line - 0115112241

ධනුෂ්කගේ ඇප කොන්දේසි ලිහිල් කරන්න සිඩ්නි අධිකරණයකින් නියෝගයක්




ඔස්ට්‍රේලියානු කාන්තාවක් දුෂණය කළ බවට චෝදනා එල්ලවී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට දී තිබූ ඇප කොන්දේසි ලිහිල් කිරීමට සිඩ්නි අධිකරණයක් නියෝග කර තිබෙනවා.  

ඒ ඔහු විසින් සිය ඇප කොන්දේසි වෙනස් කරන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කර තිබූ මෝසමකට අදාලවයි.

ඒ අනුව ධනුෂ්ක ගුණතිලකට නැවතත් වට්ස්ඇප් භාවිතයට සහ රාත්‍රියේ නිවෙසින් පිටතට යාමට අවසර ලබාදී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ලිංගික අතවර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා 4ක් ගොනුකර ඇති අතර ඔහු මෙතෙක් වරද පිළිගෙන නැහැ.