Saturday, September 21, 2024

General line - 0115112241

වවුනියා ගුවන් හමුදා කඳවුරේ භූමි කොටසක් ජනතා අයිතියට




වවුනියාව ගුවන් හමුදා කඳවුරට අයත්ව තිබූ භූමි ප‍්‍රදේශයක් ජනතා අයිතියට පත් කර තිබෙනවා.

මෙලෙස නිදහස් කර ඇත්තේ වවුනියාව රම්බකුලම් බාලිකා මහා විද්‍යාලයට අයත් වූ ක‍්‍රීඩාංගණය පිහිටි භූමියයි.

එය 1986 වසරේ මාර්තු 12 වනදා සිට වවුනියාව ගුවන් හමුදා කඳවුර වෙත පවරා ගෙන තිබුණා.

ක‍්‍රීඩා භූමිය වැඩිදියුණු කර එම විදුහල වෙත යළි පවරා දීම සිදු වුණේ වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේදීයි.

අදාළ විදුහලේ විදුහල්පතිවරයා කරන ලද ඉල්ලීමකට අනුව එම භූමිය පාසල වෙත යළි පවරාදීමට කටයුතු කළ බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළා.