Saturday, April 27, 2024

General line - 0115112241

අලුත් ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව්වක් ශ්‍රී ලංකාවට

ටී කේ ජී කපිල




ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජාත්‍යන්තර කෝෆ්බෝල් කණ්ඩායමක් මෙරටට පැමිණ තිබෙනවා. මෙලෙස පැමිණ ඇත්තේ හොංකොං චයිනා රාජ්‍යයේ ”හැමසිං” කෝෆ්බෝල් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන් 09 දෙනෙක්.

කෝෆ්බෝල් ක්‍රීඩාව ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත කිරීම සහ වයස අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා කෝෆ්බෝල් කණ්ඩායමට අත්දැකීම් සහ පුහුණුව ලබා දීම සඳහා මෙම සංචරය සංවිධානය කර තිබෙනවා. 2023 බෙල්ජියමේ පැවැත්වීමට නියමිත ලෝක ශූරතා තරගාවලියට සහභාගී වීමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට අත්දැකීම් ලබාදීම මෙහි අරමුණයි.

බාස්කට් බෝල සහ නෙට්බොල් ක්‍රීඩාවට සමාන කෝෆ්බෝල් ක්‍රීඩාව ලෝකයේ පැරණිතම මිශ්‍ර ක්‍රීඩා ඉසව්වක් 1902 වසරේ දී නෙදර්ලන්තයෙන් ආරම්භ වී ලොව පුරා ප්‍රචලිතවූ මෙම ක්‍රීඩාව සදහා එක් පිළකට කාන්තාවන් සිව් දෙනෙකු සහ පිරිමි ක්‍රීඩකයන් සිව් දෙනෙකු ඇතුළත් අතර ඔවුන් එකිනෙකාගේ ඇගේ නොගැටී ක්‍රීඩා කළ යුතුයි‘.