Friday, March 29, 2024

General line - 0115112241

20යි 20 කාන්තා ලෝක කුසලාන අවසන් මහා තරඟය අද




පන්දුවාර 20යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය අද පැවැත්වෙනවා. ඒ, දකුණු අප්‍රිකානු සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම් අතරයි.

තරඟය කේප් ටවුන්හිදී ආරම්භ වීමට ඇත්තේ මෙරට වේලාවෙන් පස්වරු 6යි 30ටයි. 

දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරඟයකට සුදුසුකම් ලැබූවේ පළමු වරටයි. 2009 වසරේ සිට 2020 වසර දක්වා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලි 7ක් පවත්වා තිබෙනවා.

ඒ අතරින් තරඟාවලි 5කින්ම ජය හිමි කර ගෙන ඇත්තේ ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමයි. 2020 වසරේ ඉන්දියාව සමඟ මෙල්බර්න්හි පැවති තරඟයෙන්ද 20යි 20 ලෝක කුසලාන හිමි කර ගැනීමට ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත් වුණා.