Saturday, May 4, 2024

General line - 0115112241

ඉතාලි මුහුදේදී සරණාගතයින් රැගත් යාත්‍රාවක් පෙරළී 59 දෙනෙකු මරුට




දකුණු ඉතාලි මුහුදු සීමාවේදී සරණාගතයින් රැගත් බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් 59 දෙනෙකු මියගොස් තිබෙනවා. මියගිය පිරිස අතර කුඩාදරුවන් 12 දෙනෙකුද වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එලෙස අනතුරට ලක්ව ඇත්තේ ඇෆ්ගනිස්තානය, පකිස්තානය, සෝමාලියාව සහ ඉරානය යන රටවල නීතිවිරෝධී සංක්‍රමණිකයින් පිරිසක් ගමන් ගත් බෝට්ටුවක්.

අනතුරට ලක්වූ යාත්‍රාවේ ගමන්ගත් තවත් පුද්ගලයින් තිස් දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.