Saturday, May 18, 2024

General line - 0115112241

"රන් සටනේ" ප්‍රවේශ පත්‍ර අලෙවිය අද සිට




කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය සහ මහානාම විද්‍යාලය අතර 17 වන වරටත් පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලිය සඳහාවූ ප්‍රවේශපත්‍ර අලෙවිය අද ආරම්භ වුණා. ඒ, ඩී.එස්. සේනානායක විද්‍යාලයේදීයි.

පාසැල් දෙක අතර මාර්තු 24 සහ 25 යන දිනවල දෙදින ක්‍රිකට් තරඟයත්, අප්‍රේල් මස 08 වනදා එක්දින ක්‍රිකට් තරඟයත් පැවැත්වෙන බවයි කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ විදුහල්පති සම්පත් වේරගොඩ නෙත් නිවුස් වෙත පැවසුවේ.