Sunday, May 5, 2024

General line - 0115112241

දින 945කට පසු මුව ආවරණවලින් හොංකොං නිදහස්




කොවිඩ් සමයේ පැන වූ මුව ආවරණ අනිවාර්යෙන්ම පැළදීමේ නීතිය ඉවත් කිරීමට හොංකොන් රාජ්‍ය තීරණය කර තිබෙනවා. එහි විශේෂත්වය වන්නේ ඔවුන් එම තීරණය ගෙන ඇත්තේ මුව ආවරණ පැළදීම අනිවාර්ය කර දින 945ක් එනම්, 2020 වසරේ ජූලි මාසයෙන් පසු පළමුවරට වීමයි.

ලොව දීර්ඝතම කාලයක් පැවති කොවිඩ් සීමා ලිහිල් කිරීම් අතරට මෙයද එක්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

හොංකොං පාලකයින් පවසන්නේ මේවනවිට කොවිඩ් වෛසරය පාලනය කර ඇති බවයි. එය යළි හිස එසවීමේ දැඩි අවධානමක් නොමැති බව ඔවුන් පෙන්වා දී තිබෙනවා. මෙම තීරණයත් සමඟ හොංකොං ජන ජීවිතය යළි යථා තත්ත්වය පත්වනු ඇති බවටත් රටේ ආර්ථික සහ සංවර්ධනය වේගවත් කිරීමට එය ඉවහල් වනු ඇති බවටත් හොංකොං පාලකයින් විශ්වාසය පළ කරනවා.

2020 වසරේ ජූලි මාසයේ සිට හොංකොංහි පොදු ස්ථාන වල සැරිසරන්නේ නම් මුහුණු ආවරණය අනිවාර්ය කර තිබුණා. එසේ නොකරන පුද්ගලයින්ට පැනවූ දඩය අමෙරිකානු ඩොලර් 640ක්.

කෙසේ වෙතත් අද දිනයේද ඇතැම් පිරිස් මුව ආවරණ පැළැද සිටිනු දැක ගත හැකි වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. හොංකොංහි ක්‍රියාත්මක වූ දැඩි කොවිඩ් රෙගුලාසි හේතුවෙන් ආර්ථිකයට බලපෑම් එල්ල වී තිබූ අතර ඉකුත් වසරේ දළ දේශීය නිශ්පාදිතය සියයට 3යි දශම 5කින් පහත වැටුණා.