Saturday, September 21, 2024

General line - 0115112241

ධනංජය ද සිල්වා තවත් වාර්තාවක් තබයි




සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් තරඟයේ අවසන් දිනය අදයි.

මීට සුලු මොහොතකට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 8ක් දැවී ලකුණු 347 ලබා සිටියදී සිය ඉනිම අවසන් කොට ඕස්ට්‍රේලියානු පිලට පන්දුවට පහර දීමට ආරාධනා කළා

ඒ අනුව ඕස්ට්‍රේලියානු පිල තරඟය ජය ග්‍රහණය කිරිමට සඳහා ලකුණු 324 ඉලක්කයක් හඹා යනවා

ශ්‍රී ලංකා දෙවන ඉනිමේදී කෞෂාල් සිල්වා ශතකයක් ලබාගත් අතර ධනංජය ද සිල්වා අර්ධ ශතකයක් ලබාගැනීමට සමත්වුණා.

ධනංජය මෙහිදී නොදැවී ලකුණු 65ක් ලබාගත් අතර ප්‍රථම ඉනිමේදීද ඔහු ශතකයක් වාර්තා කරනු ලැබුවා.

ටෙස්ට් තරඟයකදී නොම්මර 07 හෝ ඊට පහළින් පන්දුවට පහරදීමට පැමිණ ශතකයක් හා අර්ධ ශතකයක් ලබාගත් පළමු ශ්‍රී ලංකා ක්‍රීඩකයා ලෙස ඔහු වාර්තා පොත් අතරට ද එක්වුණා.