Saturday, May 18, 2024

General line - 0115112241

ගුවන් හමුදා පා පැදි සවාරිය සාර්ථකව ඇරඹේ (PHOTOS)




24වන වරටත් පැවැත්වෙන ගුවන් හමුදා පාපැදි සවාරිය අද පෙරවරුවේ ආරම්භ වුණා. පළමු අදියර කොළඹ සිට මහනුවර දක්වා ක්‍රියාත්මකයි. එහි සමස්ත දුර ප්‍රමාණය කිලෝ මීටර් 11යි දශම 7ක්.

අද උදෑසන තරඟය ආරම්භය සිදු වුණේ කොළඹ ගුවන් හමුදා මූලස්ථානයේයි. ක්‍රීඩකයින් සියලු දෙනා නවලෝක වට රවුම පසු කරමින් ජයවර්ධන ලී මෝල අසලට පැමිණීමත් සමඟ පා පැදි සවාරියේ නිල ආරම්භය සිදු වුණා.

ක්‍රීඩකයින් අද දිනය තුළ වත්තල, ජාඇල, නිට්ටඹුව, වරකාපොළ, මාවනැල්ල, පිළිමතලාව, පේරාදෙණිය පසුකරමින් මහනුවරට ළඟා වීමට නියමිතයි. තරඟයේ තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ කර ගන්නවා නෙත්විශේෂ නියෝජිත මනෝජ් උදටියාවල.

ගුවන් හමුදා පාපැදි සවාරිය සඳහා නිල රේඩියෝව ලෙස මාධ්‍ය අනුග්‍රහය ලබාදෙන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.