Saturday, May 18, 2024

General line - 0115112241

24 වන ගුවන් හමුදා පාපැදි සවාරියේ පළමු දිනය මහනුවරින් සාර්ථකව අවසන් කෙරේ




24වන වරටත් පැවැත්වෙන ගුවන් හමුදා පාපැදි සවාරියේ පිරිමි තරඟයේ පළමු අදියර අද මහනුවරින් අවසන් වුණා. එම තරඟය අද පෙරවරුවේ ආරම්භ වුණේ කොළඹ ගුවන් හමුදා මූලස්ථානය අසලින්.

වත්තල, ජාඇල, නිට්ටඹුව, වරකාපොළ, මාවනැල්ල, පිළිමතලාව, පේරාදෙණිය පසුකරමින් එම ක්‍රීඩකයින් පස්වරුවේ මහනුවරට ළඟා වුණා. අනුරාධපුරය දක්වා ක්‍රියාත්මක සමස්ත තරඟයේ දුර ප්‍රමාණය කිලෝමීටර් 395යි දශම 4ක්.

ඒ අනුව, පාපැදි සවාරියට එක් වූ ක්‍රීඩකයින් කොළඹ සිට මහනුවරට ළඟා වූයේ කිලෝ මීටර් 116යි දශම 7ක් ගත කරමින්. තරඟයේ දෙවන අදියර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගනය පිවිසුම අසලින් හෙට පෙරවරුවේ ආරම්භ කෙරෙනවා.

දෙවන අදියර අවසන් වන්නේ කඳුරුවෙල බස් නැවතුම්පොළ අසලින්. තරඟයේ තුන්වන අදියර ලබන 4වනදා කඳුරුවෙල බස් නැවතුම්පළ අසලින් ආරම්භ වී අනුරාධපුර සල්දාදු ක්‍රිඩාංගනය අසලදී නිමාවට පත් වනවා.

ගුවන් හමුදා පාපැදි සවාරිය සඳහා නිල රේඩියෝව ලෙස මාධ්‍ය අනුග්‍රහය ලබාදෙන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.