Saturday, May 18, 2024

General line - 0115112241

ගුවන් හමුදා පාපැදි සවාරියේදී ඉන්දියාවෙන් ප්‍රබල අභියෝගයක්




24වන වරටත් පැවැත්වෙන ගුවන් හමුදා පාපැදි සවාරියේ පිරිමි තරඟයේ දෙවන අදියර අද පෙරවරුවේ ආරම්භ වුණා. ඒ, පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගනය පිවිසුම අසලින්.

උණුසුම් මුහුණුවරක් ගනිමින් තිබූ මෙම අදියර අවසන් වන්නේ පොළොන්නරුවෙන්. තරඟකරුවන්ට අද දිනයේ කිලෝමීටර් 146 යි දශම 7 ක දුරක් ගෙවා දැමීමට සිදුවනවා.

අද දිනයේ සිදුවූ සුවිශේෂී සිදුවීම වූයේ තරඟයේ මුල් පොකුරේ සිටි යුධ හමුදාව ප්‍රමුඛ ක්‍රීඩකයින්ට ඉන්දීය ක්‍රීඩකයින්ගෙන් ප්‍රබල අභියෝගයක් එල්ලවීමයි. ප්‍රවෘත්ති ප්‍රකාශය ආරම්භ වීමට පෙර තිබූ ස්ප්‍රින් අවස්ථා දෙකේදීම තුන්වන ස්ථානය දිනාගත්තේ ඉන්දීය ක්‍රීඩකයායි.

කෙසේවෙතත් තවමත් තරඟයේ වැඩි ගෞරව දිනාගෙන සිටින්නේ ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රීඩකයින්. පළමු පොකුරේ ක්‍රීඩකයින් 21 දෙනෙකු අතර උණුසුම් තරඟයක් පැවතීම ද කැපී පෙනෙන සිද්ධියක් වුණා. ශ්‍රී ලංකා යුධ හමුදාවට අමතරව දෙහිවල ගල්කිස්ස මහ නගර සභා ක්‍රීඩා සමාජය ද තරඟයේ උණුසුම තවදුරටත් තීව්‍ර කරමින් සිටිනවා.

මොහොතින් මොහොත උණුසුම් වන ගුවන් හමුදා පාපැදි සවාරිය සඳහා නිල රේඩියෝව ලෙස මෙවර ද නෙත් එෆ් එම් රේඩියෝව මාධ්‍ය අනුග්‍රහය ලබාදෙනවා.