Saturday, May 18, 2024

General line - 0115112241

ගුවන් පාපැදි සවාරිය යුද හමුදාවේ අණසකට




24 වන ගුවන් හමුදා පාපැදි සවාරියේ පිරිමි තරඟයේ දෙවන අදියර අද දහවල් අවසන් වුණා. ඒ, පොළොන්නරුව නගරයෙන්. පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගනය පිවිසුම අසලින් අද උදෑසන ආරම්භ වූ එම අදියරේ සමස්ථ දුර ප්‍රමාණය කිලෝමීටර් 146 යි දශම 7 ක්.

ආරම්භයේ සිටම උණුසුම් මුහුණුවරක් ගත් ගුවන් හමුදා පාපැදි සවාරියේ දෙවන අදියර ද අවසන් වූයේ ශ්‍රී ලංකා යුද හමුදාවට ජයග්‍රහණය හිමිකරදෙමින්. ඒ අනුව පළමු පොකුරෙන් මිදී හුදෙකලා අවසානයක් සිදුකළ යුද හමුදාවේ සාරංග පෙරේරා දෙවන අදියර ජයග්‍රහණය කළා.

නාවික හමුදාවේ ප්‍රභාෂ් මධුෂංක එම අදියරේ දෙවන ස්ථානය හිමිකරගනිද්දී නාවික හමුදාවේම ජනක හේමන්ත කුමාර තෙවන ස්ථානය හිමිකරගත්තා. යුද හමුදාව ප්‍රමුඛ පළමු පොකුරේ රැදී සිටි, ඉන්දීය ක්‍රීඩකයින් අද දිනයේ ප්‍රබල අභියෝගයක් එල්ල කළේ ස්ප්‍රින් අවස්ථා දෙකේදීම තුන්වන ස්ථානය ද දිනාගනිමින්.

ගුවන් හමුදා පාපැදි සවාරියේ තුන්වන සහ අවසන් අදියර හෙට පොළොන්නරුවෙන් ආරම්භ වනවා. මෙවර පාපැදි සවාරියේ කාන්තා අදියර ආරම්භ වන්නේද හෙටයි. හෙට තරඟයේ සමස්ථ දුර ප්‍රමාණය කිලෝමීටර් 132 ක්. එය අවසන් වන්නේ අනුරාධපුරායෙන්. සමස්ථ තරඟයේ දුර ප්‍රමාණය කිලෝමීටර් 395යි දශම 4ක්. ගුවන් හමුදා පාපැදි සවාරිය සඳහා නිල රේඩියෝව ලෙස නෙත් එෆ් එම් රේඩියෝව මාධ්‍ය අනුග්‍රහය ලබාදෙනවා.