Tuesday, April 30, 2024

General line - 0115112241

නෙත් මාධ්‍ය අනුග්‍රහය දක්වන ගුවන් හමුදා පාපැදි සවාරියේ අවසන් දිනය අද




24 වන වරටත් පැවැත්වෙන ගුවන් හමුදා පාපැදි සවාරියේ අවසන් දිනය අදයි. අද තරඟය ආරම්භ වන්නේ පොළොන්නරුවෙන්. අනුරාධපුරයෙන් තරඟය අවසන් වනවා.

අද ක්‍රියාත්මක වන්නේ පාපැදි සවාරියේ තුන්වන අදියරයි. එය කිලෝමීටර් 132 ක දුරකින් යුක්ත වනවා. ගුවන් හමුදා පාපැදි සවාරියේ කාන්තා පාපැදි තරඟය ද අද ආරම්භ වනවා. තරඟය පැවැත්වෙන්නේ හබරණ සිට අනුරාධපුරය දක්වායි. එහි සමස්ථ දුර කිලෝමීටර් 84 යි දශම 9 ක්.

ගුවන් හමුදා පාපැදි සවාරියේ මේ දක්වා පැවති අදියර දෙකේදී ඉදිරියෙන් සිටින්නේ යුද හමුදා කණ්ඩායමයි. නාවික හමුදා කණ්ඩායම හා දෙහිවල - ගල්කිස්ස මහනගරසභා කණ්ඩායම ඔවුන්ට ප්‍රබල අභියෝගයක් ලබාදෙමින් සිටිනවා. වසරේ දැවැන්තම පාපැදි සවාරිය වන ගුවන් හමුදා පාපැදි සවාරිය සඳහා නිල රේඩියෝ මාධ්‍ය අනුග්‍රහය නෙත් එෆ් එම් රේඩියෝව ලබාදෙනවා.