Monday, May 6, 2024

General line - 0115112241

ඉන්දියාවේ උණ රෝගීන් ඉහළ යයි




ඉන්දියාවෙන් වාර්තා වන උණ රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය බලධාරීන් උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කරනවා. ඉන්දියාවේ ප්‍රදේශ රැසකින් ඉකුත් මාස 02 තුළ සැලකිය යුතු උණ රෝගීන් පිරිසක් වාර්තා වී ඇති බවත්, ඉන් බොහෝ පිරිසක් ඉන්ෆ්ලුවන්සා රෝගීන් බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

සාමාන්‍ය උණ රෝගයට සාපේක්ෂව ඉන්ෆ්ලුවන්සා ආසාදනය වූ රෝගීන් රෝහල්ගත වීමේ ඉහළ ප්‍රතිශතයක් පවතින බවද සඳහන්. එලෙස රෝහල්ගත වන රෝගීන් බොහෝ දෙනෙකු ්H3N2 ලෙස හඳුනාගෙන ඇති උප ප්‍රභේදය ආසාදනය වූවන් බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට දිගු කාලීනව කැස්ස පවතින බව ද  වාර්තා වනවා. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් වසර 02 කට අධික කාලයක් පීඩාවට පත්ව සිටි බැවින් මෙම උණ ව්‍යාප්තියත් සමග සමාජය තුළ බියක් පවතින බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.