Saturday, April 27, 2024

General line - 0115112241

ලැවිගිනි නිසා ඕස්ට්‍රේලියාව යළි දැවෙයි




ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ලැව් ගිනි තත්ත්වයක් හට ගෙන තිබෙනවා. එම ප්‍රදේශයට බලපා ඇති උණුසුම් කාලගුණයත් සමග ලැව්ගිනි තත්ත්වය තවදුරටත් දරුණු ලෙස ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවයි එරට බලධාරීන් පවසන්නේ. නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයේ කිලෝ මීටර් 2000 ක පමණ වපසරියක් පුරා මේවනවිටත් ලැව්ගිනි පැතිර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

මීටර් 15 ක පමණ උසට විහිදී ඇති ගිනිදැල් පාලනය කිරීම සඳහා ගිනි නිවන භටයින් දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බවයි එම වාර්තාවල දැක්වෙන්නේ. ඕස්ට්‍රේලියාවේ වැඩිම ජනගහනයක් සිටින ප්‍රාන්තය වන්නේ ද නිව්සවුත් වේල්ස් ප්‍රාන්තය වන බැවින් ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බලධාරීන්ගේ දැඩි අවධානය යොමුව තිබෙනවා. 

ඒ අනුව අවදානම් ප්‍රදේශවල වෙසෙන ජනතාවට දැනුම් දී ඇත්තේ වාසස්ථානවලින් ඉවත් වන ලෙසයි. එම ප්‍රාන්තයේ ස්ථාන 33 ක පමණ ලැව්ගිනි පවතින අතර ඉන් ස්ථාන 10 ක පාලනය කර ගත නොහැකි ලෙස ලැව්ගිනි පැතිරෙමින් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශවල මේ දිනවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ක් පමණ දක්වා ඉහළ ගොස් තිබෙනවා.