Sunday, May 19, 2024

General line - 0115112241

කුසල් සහ දිමුත් අර්ධ ශතක වාර්තා කරයි - නවසීලන්තයට එරෙහි ශ්‍රී ලංකාවෙන් සාර්ථක ආරම්භයක්




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය දැන් පැවැත්වෙනවා. ඒ, නවසීලන්තයේ කයිස් චර්ච්හිදීයි. තරඟයේ කාසිය වාසිය දිනූ නවසීලන්තය පළමුව පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකාව පන්දුවාර 40 ක් අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 159ක් රැස්කරගෙන සිටියා. ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි ඕෂධ ප්‍රනාන්දු ලකුණු 14 කට දැවී ගියා.

ඉන් අනතුරුව පිටියේ එක්වූ කුසල් මෙන්ඩිස් සහ දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළා. වේගවත් පිතිහරඹයක නිරතවූ කුසල් මෙන්ඩිස් අද සිය ටෙස්ට් දිවියේ 16 වන අර්ධ ශතකය රැස් කිරීමට සමත් වුණා. පන්දු 40 කින් වාර්තාවූ ඔහුගේ අර්ධ ශතකයට 4 පහර 11 ක් ඇතුලත්. 

කුසල් මෙන්ඩිස් ලකුණු 87 කට සහ නායක දිමුත් කරුණාරත්න ලකුණු 50කට දැවී ගියා. මේ වන විට පිටියේ පන්දුවට පහර දෙමින් සිටින ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 02ක බැගින් රැස් කරගෙන සිටිනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම අද තරඟයට එක්වන්නේ පිතිකරුවන් 7 දෙනෙකු සමඟයි. වේගපන්දු යවන්නන් ලෙස කසුන් රාජිත, අසිත ප්‍රනාන්දු සහ ලහිරු කුමාර එක්වනවා. ප්‍රභාත් ජයසූරිය ශ්‍රී ලංකා කන්ඩායමට එක්ව සිටින එකම විශේෂඥ දඟ පන්දු යවන්නායි.