Sunday, May 19, 2024

General line - 0115112241

නවසීලන්තයට එරෙහි ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 355න් නවතියි




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය මේවනවිට ක්‍රියාත්මකයි. පළමු දිනය නිමාවනවිට ඊයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක්වුණේ කඩුලු 6කට ලකුණු 305ක් ලෙසයි.

ශ්‍රී ලංකා පළමු ඉනිම අද උදෑසන ලකුණු 355කට සීමා කිරීමට නවසීලන්ත පන්දු යවන්නන්ට හැකි වුණා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 87ක් සහ දිමුත් කරුණාරත්න ලකුණු 50ක් රැස් කළා. ඇන්ජලෝ මැතිවුස් ලකුණු 47ක්, ධනංජය ද සිල්වා ලකුණු 46ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 39ක් රැස් කිරීමට සමත් වුණා. දක්ෂ පන්දු යැවීමක නිරත වූ නායක ටිම් සවුති ලකුණු 64කට කඩුලු 5ක් බිඳ හෙලුවා. 

සිය පළමු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්තය මීට නොබෝ වේලාවකට පෙර කිසිවකු නොදැවී ලකුණු 50ක් රැස් කරගෙන සිටියා.