Friday, April 26, 2024

General line - 0115112241

ඔස්ට්‍රේලියානු අගමැති ඉන්දියාවේ සංචාරයක




වඩා හොඳ ලෝකයක් බිහිකිරීමට ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව එක්ව කටයුතු කරන බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ සිය ඉන්දීය නිල සංචාරය අතරතුරදීයි.

එහිදී ඔහු හයිද්‍රාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේ පැවැති ඉන්දු - ඔස්ට්‍රේලියා ටෙස්ට් තරගය නැරඹීමට ද සහභාගී වුණා.

ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමගයි.

තරගය නැරඹීමෙන් අනතුරුව ට්විටර් සටහනක් තබමින් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා පැවසුවේ ක්‍රිකට් පිටියේදී ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව ලෝකයේ හොඳම ක්‍රීඩකයින් වීමට තරඟ කරන බවයි.

ඉන් පිටතදී වඩා හොඳ ලෝකයක් ගොඩනැගීමට දෙරට එක්ව සහයෝගයෙන් කටයුතු කරන බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද ට්විටර් සටහනක් තබමින් සඳහන් කර තිබුණේ හොඳ මිතුරෙකු සමග ක්‍රිකට් තරගයක් නැරඹීම අවස්ථාව හිමිවීම සම්බන්ධයෙන් සතුටට පත් වන බවයි.