Thursday, April 25, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් නවසීලන්තයට ප්‍රබල අභියෝගයක්




නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනයේ වැඩි ගෞරව දිනා ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. ඒ, දෙවන දිනය නිමා වනවිට නවසීලන්ත ඉනිමේ කඩුලු 5ක් ලකුණු 162කට දවා ගනිමින්. 

අද දිනයේ සිය පළමු ඉනිම ඇරඹු නවසිලන්ත කණ්ඩායමේ ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 67යි. පසුව ලකුණු 84ක් තුළ නවසීලන්ත ඉනිමේ කඩුලු 5ක් දවා ගැනීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් සමත් වුණා.

ලහිරු කුමාර හා අසිත ප්‍රනාන්දු අතර කඩුලු 2 බැගින් බෙදී ගිය අතර කසුන් රාජිත එක් කඩුල්ලක් දවා ගත්තා. නවසීලන්තය වෙනුවෙන් ටොම් ලැතම් ලකුණු 67ක් රැස් කළා. 

ශ්‍රී ලංකා පළමු ඉනිම අද උදෑසන ලකුණු 355කට සීමා වුණා. ශ්‍රී ලංකාව වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 87ක් සහ දිමුත් කරුණාරත්න ලකුණු 50ක් රැස් කළා. ඇන්ජලෝ මැතිවුස් ලකුණු 47ක්, ධනංජය ද සිල්වා ලකුණු 46ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 39ක් රැස් කිරීමට සමත් වුණා.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ නායක ටිම් සවුති ලකුණු 64කට කඩුලු 5ක් බිඳ හෙලුවා.