Wednesday, April 24, 2024

General line - 0115112241

මැතිව්ස් සහ චන්දිමාල් ශ්‍රී ලංකා ඉනිම ගොඩනගයි 




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි. සිය දෙවන ක්‍රීඩාකරන ශ්‍රී ලංකා කණ්ඩායම මේවනවිට කඩුළු 4ක් දැවී ලකුණු 196ක් රැස්කර ගෙන සිටිනවා. 

ටෙස්ට් පිටියේදී සිය 38 වන අර්ධ ශතකය වාර්තා කිරීමට ඇන්ජලෝ මැතිව්ස් අද සමත්වුණා. මේවනවිට නොදැවී කඩුල්ලේ රැඳී සිටින ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 81ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 42ක් රැස්කර ගෙන සිටිනවා. 

තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායම තීරණය කළේ පන්දු රැකීමටයි. ඒ අනුව පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලුදෙනා දැවී ලකුණු 355 ක් රැස් කලා. නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් රැස්කළ ලකුණු සංඛ්‍යාව 373 ක්.