Friday, March 29, 2024

General line - 0115112241

මැතිව්ස් සිය 14 වන ටෙස්ට් ශතකය වාර්තා කරයි




නවසීලන්තය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනයේදී මේ වන විට සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා පිල කදුලු 5ක් දැවී ලකුණු 251ක් රැස් කරගෙන සිටිනවා.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කරන ඇන්ජලෝ මැතිව්ස් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 14 වෙනි ශතකය රැස් කිරීමට අද සමත් වුනා.

මේ වන විට පන්දුවට පහර දෙන ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 108ක් සහ ධනංජය සිල්වා නොදැවී ලකුණු 25ක් රැස් කර සිටිනවා.