Friday, April 26, 2024

General line - 0115112241

පළමු ටෙස්ට් තරගයේදී නවසීලන්තයට ලකුණු 285 ක ඉලක්කයක්




ටෙස්ට් ක්‍රිකට් දිවියේ සිය 14 වන ශතකය වාර්තා කිරීමට ඇන්ජලෝ මැතිව්ස් අද සමත්වුණා. ඒ අනුව ඔහු ලබා ගත් ලකුණු සංඛ්‍යාව 115 ක්.  ඒ, සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙදීයි.

තරගයේ සිව්වන දිනය නිමාවන විට ලකුණු 285 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන නවසීලන්තය එක් කඩුල්ලක් දැවී ලකුණු 28 ක් රැස්කර ගෙන සිටියා.  දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 302 ක් රැස් කළා. 

තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායම තීරණය කළේ පන්දු රැකීමටයි. ඒ අනුව පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලුදෙනා දැවී ලකුණු 355 ක් රැස් කලා. නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් රැස්කළ ලකුණු සංඛ්‍යාව 373 ක්.